Korean Class

A Gift from Samantha Jayawardana Korea

පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.4000

korean class
පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.3000

korean class
පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.2000

koreanclass.lk
පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.3500

පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.1850

පින්තූරය උඩ click කර පොත බලන්න

Rs.3000

Class Book sample

Up Coming Classes​

Free Resources

Korean Classes

  • Sunday – 8.00 a.m to 12.00 p.m
  • Sunday – 1.30 a.m to 4.45 p.m
  • Sunday – 6.30 p.m – 9.30 p.m
  • Monday – 8.00 a.m to 11.00 a.m
  • Saturday – 8.00 a.m – 12.00 p.m
  • Saturday – 1.30 p.m – 4.45 p.m
  • Saturday – 7.00 p.m – 10.00 p.m

About Lecturer.

S. Jayawardana — Lecturer.

වසර 2010 දී ප්‍රථම වරට කොරියානු භාෂාවට අත්පොත් තැබූ මා මාස තුනක කෙටි ඉගෙනුම් කාලයකින් පසු 2010 වර්ෂයේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් ලකුණු 200/200 ලබා ගැනීමට සමත් වුනෙමි. විභාගයෙන් සම්පූර්ණ ලකුණු ලැබූවද කොරියාවට යාම සඳහා අවස්ථාව ලැබීමට වසර 1කුත් මාස 6ක කාලයක් බලා සිටීමට සිදුවීම නිසා උගත් භාෂාවෙන් ගමට සේවයක් කිරීමට සිතාගත් මා 2010 වසරේ අග භාගයේ සිටම කොරියානු භාෂාව ඉගැන්වීම ආරම්භ කලෙමි. එහිදි පැන නැගුණු භාෂා ගැටළු විසඳීමට මා විසින් ගත් ක්‍රියාමාර්ගය වූයේ විෂයට අදාල අත්පොතක් නිර්මාණය කිරීමයි. එම නිර්මාණය නිසාවෙන් 2011 වර්ෂයේ පැවැත් වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් 55කින් 50ක් ඉහලින්ම විභාගය සමත් වීම මා ලද උසස්ම ත්‍යාගයකි.


2012 වර්ෂය දක්වා ගුරුවරයෙකු ලෙස ක්‍රියා කල මා එම වසරේදීම රැකියා අවස්ථාව ලැබී දකුණු කොරියාව බලා පිටත් විමි. කාර්යබහුල කොරියානු ජීවිතය මධ්‍යයේ වුවද කොරියාවේදී 2016 වර්ෂයේදී Topik විභාගයට පෙනී සිටිමින් එහි 4වන අදියර දක්වා ගමන් කිරීමට මා හට හැකි විය. එහිදි ලද භාෂා අත්දැකීම් සහ කොරියානු කථන පුහුණුවද ඉතා හොඳින් හුරු වුනෙමි. දකුණු කොරියාවේ පුරවැසිභාවයට අයදුම් කිරීමට ලත් සුදුසුකමද පසෙක ලා 2017 වර්ෂයේදී ආපසු මව් රට පැමිණි මා නැවතත් ගුරු වෘත්තිය තෝරා ගතිමි. 2018 වර්ෂයේදී විභාගයට මුහුණ දුන් සිසුන් සියලු දෙනා විශිෂ්ට ප්‍රතිඵල ලබා ඉහලින්ම සමත්වීම මාගේ තවත් ජයග්‍රහණයකි.

අද වන විට මා වෙතින් කොරියානු භාෂාව ඉගෙනුම ලබන සියලුම සිසුන් හට මා විසින්ම නිර්මාණය කරන ලද අත්පොත් සහ අභ්‍යාස ලබා දී එම පොත් ආශ්‍රිතව ඉගැන්වීම සිදු කරනු ලබයි. මේ නිසා සිංහල ලිවීම සහ කියවීම අපහසු වුවද එය කොරියානු භාෂාව ඉගෙනුමට බාධාවක් නොවනු ඇත. Samantha jayawardana korea යූ ටියුබ් චැනලය සහ ෆේස්බුක් තුළින් ඔබ අතරට පැමිණෙමින් සුවහසක් සිසුනගේ ආකර්ශණීය ගුරුවරයා බවට පත් වූ බවද ඉතා සතුටින් පවසනු කැමැත්තෙමි. ඉදිරියේදී තව තවත් ඔබ හට කොරියානු රැකියා සඳහා මංපෙත් විවර කර දෙමින් පුහුණුවට අවශ්‍ය පාඩම් මාලා ලබා දෙමින් දිවයිනේ ප්‍රධානතම කොරියානු භාෂා ගුරුවරයා වීම මාගේ ඉලක්කයයි.

What Our Students Have to Say

අරුමයේ අරුම කියාදුන් ගුරු සබඳ....
ක්ලාස් එකේ එළියේ ඉන්ඩ හිතපු මාව
ක්ලාස් ඒක ඇතුළට ගෙන
ගෙටද ගෙන
කුස්සියට ද ගෙන
අහ්හ්
වහලයටද ගෙන...
ඉගැන්වීමේ කලාවෙන් එහාට ගොස් කොරියානු ජීවිතේ දෑස ඉදිරියේ මාව එය
ගතට සිතට
ඇට මිදුළු දක්වා කවද්ද වා...
රෑ වෙනකොට ආරක්ෂාවට නොව
තව හිටියොත් තේ විතරක් නොවේ කන්නත් දෙන්න වෙයිදෝ කියා ඉක්මනින් ගෙදරට දක්කපු....
ගරු ගුරු වර්ධන ජය...!
Korean Class
සමීර
සමන්ත ජයවර්ධන ගුරුතුමනි,
ඔබ නිසා සිය ගනනක් සිසුන් අද ජයග්‍රහණයේ සතුට බුක්ති විදිමින් සිටියි.සිහිනයන් යතාර්ථයක් කර ගැනීමට අප හට මග පෙන්වූයේ ඔබයි.අපගේ ජයග්‍රහණය උදෙසා ඔබ කල කැපකිරීම් අනන්තයි.පොදි බැදගත් සිහින කරපින්නාගෙන සිහින දේශය කරා ආ ගමනේ එදා මෙදා තුර මා ලද යම් ජයක් වේද ඒ ජයග්‍රහණයේ සාඩම්බර උරුමකරුවා ගුරුතුමනි ඔබයි.ඔබ මිහිපිට දෙවියෙකු නොව ගුරුතුමනි මා දකිනා ඔබනම් මනුෂ්‍යත්වයේ සැබෑම ප්‍රතිමූර්තියයි
සුපුන් චන්දික
රාත්‍රී ටියුටරියේ බ්‍රොයිලර් වැනි ප්‍රතමොයෝ වම්....
ලද ඉසිඹුවට බැලුවා පුවත් පත ලංකාදීප. පුරුද්දටම පිටු පෙරලන්නේ අග සිටය. ඒ ක්‍රීඩා පුවත් බලමිනි.ලබන වැටුප බෝම්බයි මොටයි වැනිය. සෙවුවේ අමතර අදායමක්. දුටුවා දැන්වීම ක්‌, කොරියානු රැකියා....ම්ම්ම්ම්
සුදුසුකම් ටික හරි හැබැයි කාලය තව මාස හතරකි. කරණය බරපතලයි. අකුරක් වත් දැකලවත් නෑ.
වචනයක් අහලත් නෑ.
උගතෝකෝටික ගැටලුවකි.
බැලුවිට මග දෙපස අහඹුවෙන් දුටුවා එක් දැන්වෙමක්, රාත්‍රී පන්ති, දුන් ඇමතුමට හොඳ ප්‍රතිචාර ඒකා සර් නොව රඟපෑවා සර් විලස. 😁
ගොම්මන් වෙලේ දිරිය සමග ගොඩවැදුන...
"මලේ" "අ" නැත
පටන්ගත්තා "ක" සිට
කිසිවක් නොවැටහුනි
අන්දභූත ජාතකය මෙනි...
නිවසට ගොඩවී පෙරලා බැලූ විට පොට පෑදී මදක් වැටහුණි...
කිසිවක් නොතේරුන ද මුල්දින දුන් ඔවා පරිදි දිනක් නෑර සබඳ වුනි...
බසට වඩා කතාකලේ සමාජය /ජීවිතය ගැනද සිතේ...
"හරිබන් " යන වදනින් පටන්ගෙන ගෙලපුවෙය වදන් සිතුවම්....
අනේ මන්දා
කැඳවා නිවසට ද
දුන්නා දන්නා " මලම "
කියන්ඩ බෝ ඇත
නොකියමි සැමට. මා පැමිණියෙමි.... ඔබද පැමිණ බල.!
korean Class
සුසන්ත මනෝහර